මෙම බ්ලොග් අඩවිය සංස්කරණය කරමින් පවතියි. මෙම නව සංස්කරණය මගින් මූලිකවම සීඑස් එස් සහ ජාවා ස්ක්‍රිප්ට් ඉවත් කරනු ලැබෙයි. එම නිසා වෙබ් අඩවිය බ්‍රව්සරයෙහි පවතින යෙදුම් වලට අනුකූලව වෙනස් වේ. මෙම නව සංස්කරණය මගින් වෙබ් පිටුවක ප්‍රමාණය කිලෝබයිට් 50 කට අඩුවෙන් පවත්වාගෙන යනු ලැබේ. 2016-12-15


වාමාංශික ව්‍යාපාරවලින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන්
මුල් පිටුව වාමාංෂිකයන් චීනය රුසියාව කියුබාව ආර්ථිකය

කිසිදිනකවත් කොමියුනිස්ට්වාදය සහ මාක්ස්වාදය පොතේ හැටියට ක්‍රියාත්මක වූයේ නැත. සෝවියට් රුසියාවේ කඩා වැටීම, ලතින් ඇමෙරිකාවේ දියුණුම රාජ්‍ය වූ කියුබාව චේගේ වමේ ආර්ථික ප්‍රතිපත්ති නිසා අද වන විට ලතින් ඇමෙරිකාවේ දුප්පත්ම රාජ්‍යන් අතර සිටීම, මාඕගේ ආර්ථික ප්‍රතිපත්ති ඔහූගේ පසු කාලීන අනුගාමිකයින් ධනවාදී මුහුණුවරකට වෙනස් කිරීම, උතුරු කොරියාවේ අධික දරිද්‍රතාව වැනි දෑ මූලිකවම හේතුව ලෙස සැලකිය හැක්කේ සීඅය් ඒ විසින් සිදුකරන දේවල් නිසා නොව, සැලසුම් හදන අධිකාරිය මිනිසුන්ගේ අවශ්‍යාත ඉටු නොකිරීමය.


නිදහස සොයා බටහිර ජර්මනියට සිදු කල පිම්ම

නැගෙනහිර ජර්මනිය හැත්තෑව දශකයේදී බත බුලතින් සෞභාග්‍යමත්ව පැවතුනි. එකල මිලියන ගණනනක් වූ බටහිර ජර්මන් වාසීන් නැගෙනහිර ජර්මනියට සංක්‍රමණය විය. මෙය ඉදිරියට නැගෙනහිර ජර්මනියට අවාසී වේ යැයි සිතා එකල සිටි නැගෙනහිර ජර්මන් රජය විසින් බර්ලින් තාප්පය ඉදි කරමින් පැවතුනි.

  1. [WEB] [PIC] 177KB නිදහස සොයා බටහිර ජර්මනියට සිදු කල පිම්ම
  2. [WEB] [PIC] 120KB පැනීමට පෙර ඔහූ අසල බිත්තියකට හේත්තු වී සිටින අයුරු
  3. [WEB] [PIC] 115KB බටහිර බර්ලිනය වෙන් කරන කම්බි වැට මතින් පැනීමට දිව එන අයුරු
  4. [WEB] [PIC] 120KB කම්බි වැටෙන් පැනීම

1961 වසරේ අගෝස්තු 15 දින ජර්මන් තාප්පයෙහි ඉදි කිරීම පටන් ගෙන දින තුනකි. තාප්පයක් වෙනුවට ඇත්තේ කම්බි වැටකි. තරුණ නිලධාරි ස්කමෙන් හට අවුරුදු දහ නමයකි. ඔහුගේ රාජකාරිය ඇත්තේ එම වැටෙන් මිනිසුන් බටහිර බර්ලිනයට පැනීම වැලැක්වීමය. කෙසේ වෙතත් එම අවස්ථාවේ බටහිර බර්ලිනය දෙසින් සිටියේ අවුරුදු දහ නමයක් වූ පීටර් ලීබෙන්ග් මෙම නිලධාරියාගේ හැසිරීම දිහා නිරීක්ෂණය කල අතර ඔහු පනින්න මෙහාට යැයි කෑ ගැසීය. සිගරට් එකින් එක බොමින් අවස්ථාව එන තෙක් සිටි තරුණ නිලධාරියා ඔහූගේ සිගරට් එක ව්සි කොට, තුවක්කුවද ගෙන බටහිර ජර්මනිය වෙත පැන්නේ බටහිර බර්ලීන් වාසීන්ගේ ඔල්වරසන් මධ්‍යයයේය. ඉක්මනින්ම පැමිනි බටහිර බර්ලින් පොලිය මගින් මොහූ හට ආහාරපාන සහ සිගරට් මෙන්ම බටහිර ජර්මනියට පැමිණීමට ටිකට්පත් සහ ලියකිවිලි සකස් කොට බැවේරියාවට පිටත් කලහ.

නමුත් බටහිර ජර්මිනියට පැමිණියත් ඔහූ මානසික වශයෙන් පීඩිතව සිටියේය. එනම් නැගෙනහිර ජර්මනියේ සිටින නෑදෑයින් සහ හිතමිතුරන් ස්ටසී රහස් නිලධාරීන් විසින් මරා දැමේ යැයි බියනි. කෙසේ වෙතත් එම පිම්ම සිදු කරන අවස්ථාවේ සිදු වූ ජනප්‍රිය වීම ඔහූට අවාසි සහගත විය. 1991දී නැගෙනහිර ජර්මනිය බිඳ වැටුනත් ඔහූ තවත් වසර කිහිපයක් නැවත නැගෙනහිර ජර්මනිය පිහිටි පෙදෙස් වෙත ගියෙ නැත්ත්තේ අනතුරක් වේ යැයි බියෙනි.


1917 ඔක්තෝම්බර් බොල්ශෙවික් විප්ලවය ලෝකයට මෙතෙක් බිහි වූ දරුණුම, අමානුෂිකම සහ පුද්ගල නිදහස ඛාදනයට ලක් කල මතවාදය ලෝකයට බිහි කලේය. එය මීලඟ වසර සියය තුල විනාශ කල ජීවිත ප්‍රමාණය මිලියන 100කට අධිකය. අදවන විටත් ලෝක ජනගහනයෙන් පහෙන් එකක් මේ පීඩා කාරි කුරීරු මතවාදය මගින් පාලනය වෙයි.

නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර රාජ්‍යන් විසින් පුද්ගල නිදහස ආරක්ශා කර ගැනීමට සිදු කල මිල කල නොහැකි තරම් සේවය නිසා බිලියන ගණනක් වූ මිනිස් ජීවිත අදටත් ආරක්ෂාවී පවතියි. ඔවුන් විසින් ඒකාධිපති රාජ්‍යයන් සහ කොමියුනිස්ට්වාදය සමාජවාදය මගින් විනාශ වූ රටවල් සඳහා බිලියන ගණනක් වූ ආධාර ක්‍රම නිසා එම රාජ්‍යන් අද වන විට සෞභාග්‍යකරා ලඟාවී තිබේ.

නිදහස් මිනිසුන් වශයෙන් අප කිසිදා කොමියුනිස්ට්වාදය සමාජවාදය නිසා අප අතුරින් වෙන් වී ගිය මිලියන ගණනක් වූ මිනිසුන් අම්තක කල නොකල යුතුය. ඔවුන් මිය ගියේ මෙලොවට බිහි වූ ඒකාධිපති කොමියුනිස්ට් පාලකයන් නිසාය. කිසිදා අමතක කරන්න එපා විජේවීර සිදු කල මිනීමැරුම්. ඔහූ වැරදිලාවත් ශ්‍රී ලංකාව පාලනය කලා නම් අප අද කියුබාවට, උතුරු කොරියාවට සිදු වූ දෙය නිසැකයෙන්ම සිදු වේවී. අපේ ජාතියේ වාස්නාවට ඔහූ මිය ගියේය. නමුත් එම විප්ලව සාර්ථක වූ රාජ්‍යන් තුල අද වන විට ජීවත් වන මිනිසුන් විඳිනා දුක් ගැහැට අප දැකිය යුතුය.

කිසිදා අමතක කරන්නට එපා, සටන ඉදිරියම.. . . බොල්ශෙවික් 1917 ආරම්ඹ කල කුරීරූ ඝාතන අදටත් සිදුවෙයි.චීනයේ පවත්වාගෙන යන ලාඕගායි වහල් කඳවුරු වල සිර ගත කොට ඇති මාධ්‍යවේදීන්, සහ මානව හිමිකම් නිලධාරීන්, ක්‍රිස්තියානි පූජකයින්, බෞද්ධ ටිබෙටය අනාගමික කොමියුනිස්ට් චීනයෙන් නිදහස් කරගැනීමට උත්සාහ කල බෞද්ධ භික්ෂූන් කුරීරූ වදහිංසා වලට ලක්වෙයි. රුසියාවේදි විපක්ශ ක්‍රියාකාරීන් සහ මානවහිමිකම් නිලධාරීන් රජය විසින් මරා දමයි. උතුරු කොරියාවේ වහල් කඳවුරු තුල වාර්ශිකව දහස් ගණනක් කුසගින්නේ මිය යයි. වියට්නාමයේ මූලික මිනිස් අයිතිවාසියම් නීතියෙන් තහනම්ය. කියුබාවේ රජයට එරෙහිව කිසියම් පෙත්සමක් ගැසුවොත් හිරේ යාමට සිදු වෙයි. චේ ගුවේරා හට මිනිසුන් ආදරය කරයි. එසේ කලේ නැත්තම් නවතින්නේ වද කඳවුරක් තුලයි. සමාජවාදය තවමත් ලොකයේ ක්‍රියාත්මක වෙයි. නමුත් බොහෝ රාජ්‍යයන් තමන්ගේ ආර්ථිකයන් තුල ප්‍රතිසංස්කරණ සිදු කොට ධනවාදී ආර්ථික ප්‍රතිපත්ති ස්ථාපිත කරමින් සිටියි. අපේ රටෙත් සිරිමා බණ්ඩාරනායක යුගයේදී හාල් පෝලිම්වල, පාන් පෝලිම්වල ඔබ සිටියා මතක ඇතියි. ඒවගේම දැන් වෙනිසියුලාවෙත් දිග පාන් පෝලිම් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පෝලිම් ඇති වී තිබේ. සෝවියට් සංගමය බිඳ වැටුනේ එහි තිබූ සමාජවාදී ආර්ථික ක්‍රමය නිසා. නැතිනම් පිටසක්වල ජීවීන් විසින් සිදු කල අතපෙවීම් නිසා නොවේ. සෝවියට් සංගමයේ සිටි නැගෙනහිර ජර්මනිය එහි වැසියන් වෙනුවෙන් බර්ලින් තාප්පය ගොඩ නැගුවේ බටහිර ජර්මනියේ සිට එන ආර්ථික සරණාගතයන් සඳහා නොව තමන්ගේ රටේ ජනතාව බටහිර ජර්මනියට යාම වැලැක්වීම සඳහායි. 2016 අගෝස්තු 8 සඳුදා වෙනිසියුලාවට ආහාරවත් නැත, පැය ගණන් දිගු ආහාර පෝලිම්, සමාජවාදය අසාර්ථක අර්ථක්‍රමයකි. ලෝක වෙලඳපොලේ පහල බසින බොරතෙල් මිල නිසා වෙනිසියුලා සමාජවාදි රජයට නිසි පරිදි ආදායම් හිඟ වී තිබේ. එම අර්බුදයේ නවතම අවස්ථාවක් ලෙස වෙනිසියුලානුවන්ට නිසි පරිදි ආහාර, බෙහෙත් සපයා ගැනීමට හැකියාවක් නැත. දිගු ආහාර පෝලිම් සහ සෞඛ්‍ය සේවා බිඳ වැටී තිබේ. එම නිසා වෙනිසියුලානුවන් අසල්වැසි කොලොම්බියාවේ නගරවලට ගොස් එම සේවා සපයා ගන්න බව දැක්වේ. සමාජවාදය කෙතරම් අසාර්ථකද? අපේ රටෙත් මෙවැනි කාලයක් තිබුනි. ඒ සිරිමා පාලන කාලයේදීය. එම යුගය විසින් සිදු කල විනාශයෙහි වැරැද්ද පැටවුනේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාටයි. ජේ.ආර්.ජයවර්ධන මහතාගේ දිගු අරමුණු පසු පාලකයින්ට නොවැටහිනි. එය කෙසේ වෙතත් දැන් වෙනිසියුලානුවන්ටත් ධනවාදය අවශ්‍ය බව වැටහෙයි. දහස් ගණනක් වන වෙනිසියුලානුවන් පාරවල් වල දිගු පෝලිම් වල රැඳි සිටින අයුරු මේ පිලිබඳව අන්තර්ජාලයේ පලවූ විස්තර. http://www.express.co.uk/news/world/695662/venezuela-food-queues-soldier-delete-video https://au.news.yahoo.com/world/a/32227685/venezuela-opposition-plots-next-moves-against-maduro/ http://www.gulf-times.com/story/505947/Opposition-plots-Maduro-ouster http://www.wnd.com/2016/08/venezuela-12-hour-food-lines-media-ordered-to-delete-video/ http://www.bloomberg.com/features/2016-venezuela-diary/ http://abcnews.go.com/International/venezuela-crisis-rampant-shortages-leave-country-shambles/story?id=40261315 http://edition.cnn.com/2016/08/05/opinions/venezuela-crisis-opinion-vivanco/ http://www.nationalreview.com/article/438728/venezuela-forced-labor-decree-presidential-referendum-crisis http://www.catholic.org/news/international/americas/story.php?id=70233 http://www.cbsnews.com/news/venezuela-food-shortage-family-liquidates-savings-to-stockpile-food/ http://www.petroleumworld.com/issues16071801.htm http://www.bloomberg.com/news/articles/2016-07-18/venezuelans-tearful-amid-colombia-s-full-shelves-and-polite-cops http://www.ctvnews.ca/world/thousands-of-venezuelans-enter-colombia-for-food-medicine-1.2990155 http://dailycaller.com/2016/07/28/venezuelas-food-shortage-is-starving-zoo-animals/ http://www.trtworld.com/americas/zoo-animals-fall-prey-to-venezuela-food-crisis-152622 http://www.indiatimes.com/news/world/50-animals-starve-to-death-as-venezuela-battles-chronic-food-shortage-259097.html https://www.thestar.com/news/world/2016/07/12/venezuelans-spend-their-lives-in-line-amid-economic-crisis.html https://www.thestar.com/news/world/2016/07/12/venezuelans-spend-their-lives-in-line-amid-economic-crisis.html http://www.newser.com/story/228476/a-diary-of-trying-mostly-failing-to-find-food-in-venezuela.html https://widerimage.reuters.com/story/in-crisis-hit-venezuela-young-women-seek-sterilization http://www.ctvnews.ca/world/venezuela-turns-to-military-to-combat-food-shortages-1.2984594 http://www.post-gazette.com/news/world/2016/07/13/World-Briefs-Shortages-of-food-roil-Venezuela/stories/201607130145 සැලසුම් සහගත ආර්ථික අද වෙනකල් ලෝකයේ ක්‍රියාත්මක කිරීමට විශාල උත්සාහයන් දැරුවා. අවසානයේදී සිදු වූයේ මිලියණ ගණනක් වන අහිංසක මිනිසුන් මරා දැමීමය. සැලසුම් සහගත ආර්ථික ක්‍රම ලංකාවේ ස්ථාපිත කිරීමට වාමාංශිකයින් යැයි හඳුන්වා ගන්නා පුද්ගලයින් උත්සාහ කරයි. ඔවුන් සිටින්නේ තවමත් සෝවියට් යුගයේය. ඔවුන් පවසන්නේ සෝවියට් සංගමය බිඳ වැටුනේ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දියත් කල උපක්‍රම නිසා වන බවය. නමුත් සැලසුම් සහගත ආර්ථිකක්‍රම තුල පවතින නිලධාරීවාදය, වංචාව, දූශනය නිසා ඒවා අසාර්ථක වේ. එයට අමුතුවෙන් සී.අයි.ඒ අවශ්‍ය වන්නේ නැත. 2016 අගෝස්තු 7 ඉරිදා කොමියුනිස්ට් චීනය ලෝකයේ පැරණිම බෞද්ධ නගරය ලරුංගාර් විනාශ කිරීම ඇරඹුවා! චීනය ටිබෙටයේ බෞද්ධ ආගමික සිද්ධස්ථාන විනාශ කිරීම ටිබෙටය රතු හමුදාව විසින් නීති විරෝධී ලෙස අල්ලා ගත් දිනයේ සිටම සිදු විය. ටිබෙටයේ ආගමික සහ රාජ්‍ය නායකයා ලෙස හැඳින්වෙන දලෙයි ලාමා වහන්සේ ජීවත් වන්නේ ඇමෙරිකාවේය. ඇමෙරිකාව නිදහස් රාජ්‍යක් වීමත් කැමති ඕනම කෙනෙකුට තමන්ගේ ආගම ඇදහීමට ඇති අවස්ථා ආරක්ශා කරදෙමින් එම ජාතීන්, ආගම්, සංස්කෘතීන් රැක ගැනීම ඇමෙරිකාවේ ලක්ෂනයකි. නමුත් චීනය ටිබෙටය අනවසරයෙන් නීතිවිරෝධී ලෙස අල්ලා ගෙන එතනින් නොනැවතී ටිබෙට් බුදු දහමද විනාශ කිරීම සිදු විය. එහි ප්‍රවෘත්තියක් ලෙස ලරුංගාර් බෞද්ධ නගරය චීන බලධාරීන් විසින් විනාශ කිරීමට නීතිමය ලෙස අවසර ලැබිනි. මෙම පහත ඡායාරූප චීන රජය විසින් එම බෞද්ධ උරුමය විනාශ කිරීම ලරුංගා බෞද්ධ ආගමික නගරය සහ ආරාම ගැන දැන ගන්න. http://www.amusingplanet.com/2013/05/larung-gar-buddhist-academy-in-serthar.html http://www.smithsonianmag.com/ist/?next=/photocontest/detail/travel/this-photo-of-nuns-housing-group-was-taken-in-larungar-temple/ http://www.smithsonianmag.com/photocontest/detail/travel/this-photo-of-nuns-housing-group-was-taken-in-larungar-temple/ https://en.wikipedia.org/wiki/Larung_Gar_Buddhist_Academy චීන රජය විසින් සිදු කරන ලරුංගා විනාශය. https://www.hrw.org/news/2016/06/09/china-buddhist-monastery-faces-demolition http://www.lankaweb.com/news/items/2016/08/04/save-larung-gar-worlds-largest-buddhist-monastery-home-to-10000-facing-demolition/ http://www.nytimes.com/2016/07/28/world/asia/china-tibet-larung-gar-sertar.html?_r=0 http://www.bbc.com/news/world-asia-china-36863888 http://www.rfa.org/english/news/tibet/demolition-07292016161347.html http://tchrd.org/china-issues-demolition-order-on-worlds-largest-religious-town-in-tibet/ http://www.lionsroar.com/larung-gar-buddhist-monastery-facing-demolition/ https://www.freetibet.org/news-media/na/buddhist-monastery-risk-demolition https://www.freetibet.org/news-media/na/demolitions-begin-larung-gar https://www.savetibet.org/demolitions-begin-at-larung-gar-monastery-for-the-world-as-religious-teachers-urge-calm/ https://www.hongkongfp.com/2016/07/26/chinese-demolitions-larung-gar-buddhist-institute-draw-fire/ http://www.phayul.com/news/article.aspx?id=37843 සමාජවාදය, කොමියුනිස්ට්වාදය සහ ධනවාදය අතර පැහැදිලි වෙනස්කම් පවතියි. අදවන විට ලෝකය ධනවාදය දෙසට හැරී ඇත්තේ සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය පසු කිරීමෙනි. මිනිස් මූලික අවශ්‍යතාවන් වන ආහාර සහ ජලයවත් මිනිසුන්ට සැපයීමට කල නොහැකි කොමියුනිස්ට් සහ සමාජවාදී පද්ධති අද වන විට මිහිතලයෙන් තුරන් වෙමින් පවතියි. ධනවාදය, ධනේශ්වර, ධනපති ක්‍රමය, නිදහස් වෙළඳපොල ලෙසත් හැඳින්වේ. එය ලිබරල්වාදයේ (මිනිසුන්ගේ නිදහස ආරක්ෂා කිරීම ) එක් අදහසකි. ආර්ථිකයට නිදහස උදා කරදීම ධනවාදය තුලින් නිර්වචනය වේ. ධනවාදය තුලින් මිනිසුන්ට අයිති සම්පත් නැවත ඒ පුද්ගල්යින්ටම ලබා දීම සහ පුද්ගලයින් හට හිතන්නට, යමක් නිර්මාණය කරන්නට, එය ව්‍යාප්ත කිරීමට නිදහස ලබා දෙයි. එය 17 වන සියවසේදී ආරම්ඹ්හ වූවායැයි සැලකේ. ධනේශ්වර ක්‍රමය මගින් පුද්ගලයින්ගේ අයිතිවාසිකම් සහ සම්පත් සඳහා රජය බලපෑම් නොකරයි. උදාහරණ : ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජර්මනිය, ප්‍රංශය, ජපානය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පුරුව ප්‍රමුඛ දියුණු රාජ්‍යන්. සෝවියට් රුසියාවේ පැවති රාජ්‍යන් වන එස්ටෝනියාව, ලැට්වියාව, බල්ගෙරියාව, හංගේරියාව, ජෝර්ජියාව සහ අනෙකුත් රාජ්‍යයන්. අප්‍රිකාවේ සීශෙල්ස් සහ බොට්ස්වානා රාජ්‍යයන්. දකුණු ඇමෙරිකාවේ චිලි රාජ්‍යය. තවත් බොහෝ රාජ්‍යයන් පවතියි. සමාජවාදය බිහිවීම ධනවාදයේ ඇති ආදායම් විශමතාව මගින් බිහිවිය. එය ධනවාදය මෙන් පැරනි සංකල්පයක් නොවේ. කාල් මාර්ක්ස් සහ ෆ්‍රෙඩ්‍රික් එන්ගල්ස්ගේ ප්‍රකාශන වලින් එය බිහි විය. සමාජවාදය මගින් නිශ්පාදනය, පාරිභෝජනය සහ මිනිසුන්ගේ සියලුම ආර්ථික ක්‍රියා සඳහා සීමා කිරීම සිදු වෙයි. සමාජවදය බිහි වූයේ ආදායම් විශමතාව මත පදනම් කොට ගෙනය. නමුත් සමාජවාදයේ පවතින අතාත්වික තත්ත්වය නිසාම එමගින් බිහි වූයේ වංචාව සහ දූශනයයි. පාලකයා විසින් මහජනතාව සඳහා වෙන් කොට ඇති බදු මුදල් වලින් සුර සැප විඳිති. රාජ්‍ය ආයතන අකාර්යක්ෂමතාවලින් පිරී පවතියි. ශ්‍රී ලංකාව සමාජවාදී ජනරජයකි. අප දන්නවා කෙතරම් දූශන සහ වංචා රාජ්‍ය ආය්තන තුල්ක සිදු වෙනවාද කියා. ඒ වගේම දූශන අනෙකුත් සමාජවාදී රටවලත් සිදු වෙයි. උදාහරණ මිශ්‍ර ආර්ථික ක්‍රම පවතින රාජ්‍යයන් යටතේ වැඩි ඒකාධිකාරයක් පවතින රාජ්‍ය ආයතන සහිත රටවල් මෙහි දැක්වේ. ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංගලාදේශය, පකිස්තානය බොහෝ දකුණු ඇමෙරිකානු රාජ්‍යන් සහ අප්‍රිකානු මෙන්ම ආසියානු රටවල්. මෙම වෙබ් අඩවියෙහි ප්‍රධානම අරමුණ නම් අද වන විට රැල්ලක් ලෙස කොමියුනිස්ට් වාදය, මාර්ක්ස් වාදය, මෙන්ම සමාජවාදය ශ්‍රී ලංකාව පුරා වේගයෙන් ව්‍යාප්ත වීම වැලැක්වීමයි. කොමියුනිස්ට්වාදය හා එහි පුරුක් ලෝකයට අහිමි කල ජීවිත ප්‍රමාණය දහස් ගණන. ස්ටාලින්, චේ ගුවේරා, පෝල්පොට්, මාඕ සේ තුන්ග් වැනි විප්ලවය උපයෝගී කරගෙන මිනිසුන් මරපු පුද්ගලයින් අතර ලංකාවේ විජේවීරත් ඊට ඇතුලත්. ඔවුන් දහස් ගණනක් විප්ලවය කියා කියාගන්නා දේ සිදු කොට මරා දමයි. ඒ අතින් බලන කොට උතුරෙ ප්‍රභාකරනුත් මේ ගොඩට වැටෙන පුද්ගලයෙක්. ලංකාව තුල ක්‍රියාත්මක වන වමාංශික පක්ශ සෑම විටම කලේ මිනිසුන් බිල්ලට දමා හෝ තමන්ගේ යුටෝපියන් අරමුණු මුදුන් පමුණුවා ගැනීමටයි. ඇත්තෙන්ම රටේ සියලුම සම්පත් එක්තරා සුලු පිරිසක් අතින් පාලනය වීම කොමියුනිස්ට්වාදයේ ලක්ෂනයක්. මෙහි අඩංගු දෑ සියල්ලම මෙහි කතෘ වරයා අන්තර්ජාඅලයේ පලවූ දෑ වල පරිවර්ථන පවතියි. මෙහි අඩංගු ලිපි වල නිරවද්‍යතාව බලා ගැනීම සඳහා සෘජු සැබැඳි යොමු කොට තිබෙනවා. (ඇතැම් වෙබ් අඩවි වසා දමා ඇත. ඒවා හඳුනාගෙන නව සැබැඳි යොමු කිරීමද සිදු කරයි.) තවත් දෙයක් තමයි ශ්‍රී ලංකාව තුල සිංහල මෙන්ම මුස්ලිම් අන්තවාදි කොටස් ක්‍රියාත්මක වෙනවා. වමාංශිකයින් ඔවුන්ගෙන් නිසි ප්‍රයෝජන ලබනවා. පසු ගිය සියවස තුල කොමියුනිස්ට් වාදය ස්ථාපිත කිරීමට ගත් සියලුම උත්සාහයන් සඳහා බදා ඇති වුනා. එම නිසා අද වන විට වාමාංශික ව්‍යාපර ජාතිවාදය උපයෝගී කරමින් රටවල් තුල කොමියුනිස්ට් වාදය නැමැති ආකල්ප පුද්ගලයින් තුල තැන්පත් කිරීමට උත්සාහ කරනවා. මෙහි අඩංගු හුඟක් ලිපි මාර්ක් හම්ප්‍රි මහතාගේ වෙබ් අඩවියෙන් සහ ලිබරල් නිදස සම්බන්ද වෙබ් අඩවි වලින් ලබා ගත් ඒවාය. "සමාජවාදය ගැන දන්නෙත් නෑ. රුසියා‍වේ වුනේ මොකක්ද කියලා දන්නෙත් නැතිව මේ තියන ගද ගහන සමාජය හොදයිනම් දරුවෙකුට ගෙදර අනාරක්ෂිතයි, පාසල අනාරක්ෂිතයි සමාජයම අසහනයෙන් ඉතින් මෙයින් මිදෙන්න නම් සමස්ත ක්‍රමය වෙනස් වන සැලසුම් සහගත ආර්ථික රටාවක් ඇති කිරීමට මැදිහත් විය යුතුමයි" [ලංකාදීප]නව ලිබරල්වාදය එපා - පෙරටුගාමීන් 2014 "ආයෙමත් හාල් පෝලිම් පාන් පෝලිම් යුගේට යන්නද මෙයා කියන්නේ. මෙයාල මේ කියන සංවෘත ආර්ථික ක්‍රමයක තියන දුක් ගැහැට මේ රටේ මිනිස්සු 70-77 දී හොදටම අත්වින්දා. සෝවියට් යුගයේදී රුසියාවෙත් තවම කියුබාවෙත් ක්‍රියාත්මක වෙන අසාර්ථක සමාජවාදී අර්ථ ක්‍රමයද මේ කියන ප්‍රශ්න වලට විසදුම ?" [ලංකාදීප]නව ලිබරල්වාදය එපා - පෙරටුගාමීන් 2014 http://capitalismstar.blogspot.com/2016/07/israel-facts.html http://capitalismstar.blogspot.com/2016/07/news-article-1.html http://capitalismstar.blogspot.com/2016/07/why-west.html http://capitalismstar.blogspot.com/2016/07/china.html http://capitalismstar.blogspot.com/2016/07/israel.html http://capitalismstar.blogspot.com/2016/07/abu-ghraib-prison.html WEBSITE UNDER CONSTRUCTION